Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»UK ඉඳන් කිරිබත්ගොඩට ආ මත් පාර්සලේ
    Featured

    UK ඉඳන් කිරිබත්ගොඩට ආ මත් පාර්සලේ

    By LFNFebruary 5, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී කොළඹ භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට එවා තිබූ සැක සහිත පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සොයා ගැනීම සිදුකළ බවය.

    බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයාගෙන තිබේ.

    කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස භාණ්ඩ ප්‍රවාහන ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

    අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13කට ආසන්න බව රේගුව පැවසුවේය.

    සැකකරු 23 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු බව සඳහන්ය.

    මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 40ක පමණ ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්ය.

    අත්අඩංගුවට ගත් එම “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වන බව පොලීසිය පවසයි.

    මෙම සැකකරු විසින් එම මද්‍රව්‍ය තොගය ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කර තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකි.
    ඔහු ඉන්දියාවේ, චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැළක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.

    සැකකරු ඊයේ පස්වරු 05.10ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මොහුගේ සහෝදරයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර , මොහු මීට පෙර අවස්ථා කීපයකදීම එම සහෝදරයා මුණ ගැසීමේ මුවාවෙන්, මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා අද (05) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.