Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»UK ඉඳන් කිරිබත්ගොඩට ආ මත් පාර්සලේ
    Featured

    UK ඉඳන් කිරිබත්ගොඩට ආ මත් පාර්සලේ

    By LFNFebruary 5, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී කොළඹ භාණ්ඩ ප්‍රවාහන ආයතනයකට එවා තිබූ සැක සහිත පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සොයා ගැනීම සිදුකළ බවය.

    බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයාගෙන තිබේ.

    කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස භාණ්ඩ ප්‍රවාහන ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

    අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13කට ආසන්න බව රේගුව පැවසුවේය.

    සැකකරු 23 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාවක නිරත පුද්ගලයෙකු බව සඳහන්ය.

    මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 40ක පමණ ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ විදේශික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්ය.

    අත්අඩංගුවට ගත් එම “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වන බව පොලීසිය පවසයි.

    මෙම සැකකරු විසින් එම මද්‍රව්‍ය තොගය ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කර තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකි.
    ඔහු ඉන්දියාවේ, චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැළක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.

    සැකකරු ඊයේ පස්වරු 05.10ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මොහුගේ සහෝදරයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර , මොහු මීට පෙර අවස්ථා කීපයකදීම එම සහෝදරයා මුණ ගැසීමේ මුවාවෙන්, මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා අද (05) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 2025

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

    November 12, 20250113 Views

    අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත…

    බස් – ත්‍රිවිල් අනතුරක්

    November 12, 2025

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.