Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
    Featured

    පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

    By LFNFebruary 4, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවය.

    පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බව ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සිය චක්‍රලේඛය මගින් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

    පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    ඒ අනුව මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිදු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 20250124 Views

    මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස්…

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

    November 12, 2025

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.