Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුමේනියානු රැකියා වීසාවලට ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට සාකච්ඡාවක්
    Featured

    රුමේනියානු රැකියා වීසාවලට ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට සාකච්ඡාවක්

    By LFNFebruary 3, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්විණි.

    ඒ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වන අතර රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය පවත්වන ලදි.

    රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් මේ සඳහා එක්ව තිබුණි.

    රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයක් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශය වෙත දැනුම්වත් කර තිබුණි.

    ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

    වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.

    එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් මෙහි දි සිදුකරන ලදී.

    එම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරියේදී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවෙතැයි කාර්යාංශය විශ්වාසය පළකරයි.

    එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා වීසා අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 2025

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    November 12, 20250123 Views

    මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස්…

    කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

    November 12, 2025

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.