Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්
    Featured

    තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්

    By LFNFebruary 2, 2025No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය.

    එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.

    විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය,

    “විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග ගත්තොත් ඒකේ ගොඩක්ම බලපෑමට ලක්වෙලා තියෙන්නේ තරුණ වයසේ අය. අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය ඉතා දැඩි අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයද්දි සමාජ මාධ්‍ය භාවිතය ඒකට විශාල හේතුවක්. මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් තරුණ තරුණියන් තමන්ට සහකාරයෝ සහකාරියෝ සොයාගන්නවා. සමහරවිට එක්කෙනෙකුත් නෙමේ සමාජ මාධ්‍ය කිව්වාම සමහර ඩේටින් ඇප් තියෙනවා ඉතිං ඒවා හරහා තරුණ තරුණියන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා තමා සමහර අය ඒ ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන්නේ මේ ආශ්‍රිත හේතු නිසා තමා ලිංගාශ්‍රිත රෝග HIV වැනි වෛරස් වගේම අනාරක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026

    ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 202603 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ…

    පන්නිපිටියේ හොරෙක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවෙයි

    April 29, 2026

    යුක්‍රේන යුද්ධයට රුසියාවට සහය පලකළ උතුරු කොරියානු හමුදා භටයන් 6,000ක් මරුට

    April 29, 2026

    කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.