Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 2026

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඹුරුපිටියේ ගුරුවරිය ඝාතනයට මවත් අත්අඩංගුවට
    Featured

    කඹුරුපිටියේ ගුරුවරිය ඝාතනයට මවත් අත්අඩංගුවට

    By LFNFebruary 1, 2025No Comments1 Min Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ ඊයේ (31) අළුයම කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව මෙම ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඊයේ දිනයේදීම ඇගේ 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබීය.

    පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

    පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව ඇත.

    මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් සොයාගෙන තිබේ.

    එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි.

    ඇගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් එම ලිපියේ ඇය සඳහන්කර ඇත.

    එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර තිබේ.

    කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත.

    ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරයි.

    ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026

    බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල්ගත කරයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන්යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    April 29, 202600 Views

    දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අද (29) අනතුරක් සිදුව තිබේ. අනතුරින්…

    මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි

    April 29, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026

    8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.