Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහාලුම් තදබදය අවසන් කිරීමට රේගුවෙන් දින 4ක විශේෂ වැඩපිළිවෙළක්
    Featured

    බහාලුම් තදබදය අවසන් කිරීමට රේගුවෙන් දින 4ක විශේෂ වැඩපිළිවෙළක්

    By LFNFebruary 1, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බහාලුම් නිෂ්කාශන තදබදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව දින 04ක විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    මේ අතර බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා කෙටීකාලීන සහ මධ්‍යකාලීන යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 29ක් විසින් රජයට ඉදිරිපත් කර තිබේ.

    සති කිහිපයක සිට පවතින කොළඹ වරායේ බහාලුම් පර්යන්තවලින් ආනයනික බහාලුම් නිෂ්කාශනය කර නිදහස් කිරීමේ ප්‍රමාදය නිසා ඇතිව තිබෙන බහාලුම් රථ පෝලිම් ඊයේ (31) පස්වරුවේත් දක්නට ලැබුණි.

    එවන් පසුබිමක කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වූ යෝජනාවලියක් ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 29ක් ඒකාබද්ධ නිවේදනයක් මගින් රජයට ඉදිරිපත් කර ඇත.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලය, බහාලුම් ප්‍රවාහන සම්මේලනය, ශ්‍රී ලංකා නෞකා නියෝජිත සම්මේලනය, ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත ඇතුළු වාණිජ මණ්ඩල 29ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5කින් සමන්විතය.

    එහිදී කෙටිකාලීනව ගත යුතු පියවර ඉදිරි සතිදෙක ඇතුළත හා මධ්‍ය කාලීනව ගත යුතු පියවර ඉදිරි සති 3-6 කාලය ඇතුළත ගන්නා ලෙස වාණිජ මණ්ඩල සිය ක්‍රියාකාරී සැලැස්ම තුළ සඳහන් කර තිබේ.

    ඒ කෙටි කාලීන විසඳුම් ලෙස ස්කෑනින් සහ පරීක්ෂා ක්‍රියාවලිය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම, ග්‍රීන් චැනල් හරහා සිදුකරන ආනයන සඳහා ආනයනකරුවන්ගේ දැනට පවතින දත්ත යොදාගැනීම මෙන්ම AEO හෙවත් බලයලත් ආර්ථික මෙහෙයුම් සහ CEO හෙවත් රේගු ආර්ථික මෙහෙයුම් වැනි අඩු අවදානමක් සහිත බහාලුම් විශේෂ පරීක්ෂාවලින් තොරව නිදහස් කිරීම ඊට ඇතුළත් වේ.

    එම වාණිජ මණ්ඩල 29 ඉදිරිපත් කර ඇති මධ්‍යකාලීන සැලසුම් වන්නේ, බහාලුම් අංගන ධාරිතාව ඉහළ නැංවීම, මෙහෙයුම් ඩිජිටල්කරණය, පුහුණු මිනිස් බලය ඉහළ නැංවීම සහ අදාළ ආයතනවල වගවීම් ඉහළ නැංවීමය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.