Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කටුනායකදී විදේශිකයෙක් අත්අඩංගුවට
    Featured

    කටුනායකදී විදේශිකයෙක් අත්අඩංගුවට

    By LFNJanuary 30, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කූට ලෙස සකස් කළ ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පළායාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

    සැකකරු 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි.

    ඔහු 2019 වසරේ මෙරටට පැමිණ ඇති අතර මොහුට එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව සහ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, මෙරටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් ත්‍රිත්වයක් නිකුත් කර තිබූ පුද්ගලයෙකි.

    මීට අමතරව මොහු මෙරට රැඳී සිටියදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්, එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටියදී එයින් පැන ගොස් ඇති අයෙකි.

    මොහු ඊයේ රාත්‍රී 08:55ට කටාර් ගුවන් සේවයේ QR- 655 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

    සැකකරු ගුවන්තොටුපොළ සියලුම නිෂ්කාශන කටයුතු සිදුකර විගමන කටයුතු සිදු කරගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ, ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රය එම නිලධාරීන්ට ඉදිරිපත් කර තිබුණි.

    එම ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකය මත මෙම නයිජීරියානු ජාතිකයා ඉදිරිපත් කළ සියලුම ලියකියවිලි ගුවන්තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

    එහිදී එම ගමන් බලපත්‍රය කූට ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ බව හැඟවෙන ව්‍යාජ ව්‍යාපාරික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ ආගමන මුද්‍රාවක් ද තිබී සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්වී ඇත.

    මීට අමතරව මොහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි යටඇදුම තුළ සඟවා තිබූ ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය ද සොයාගෙන තිබුණි.

    ඒ අනුව මෙම නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.