බදුරලිය – සීලදොල ප්රදේශයේදී පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ.
ඊයේ (29) රාත්රියේ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.
බරපතළ තුවාල ලැබු අඹුසැමි යුවළ බදුරලිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 32 ක් වූ බදුරුගල්ල වත්ත, බදුරලිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු විසින් පුද්ගලික අමනාපයක් මත බිරිඳගේ පියාට බැන වදිමින් සිටින අවස්ථාවේදී බිරිඳගේ පියා සහ සහෝදරයා එම ස්ථානයට පැමිණ පොල්ලකින් හා තියුණු ආයුධයකින් මෙම යුවළට පහරදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් වයස අවුරුදු 36 හා 72 යන වයස්වල පසුවන මොරපටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.