Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බේරේ වැවේ තාරාවන් මියයෑම සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණය අද
    Featured

    බේරේ වැවේ තාරාවන් මියයෑම සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණය අද

    By LFNJanuary 29, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි.

    එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය.

    “ජෛව රාසායනික ඔක්සිජන් ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න බේර වැවෙන් ලබාගත් ජල සාම්පලවල ඒ පරාමිතය සිදුකරන්න අඩුම තරමේ දවස් 05ක් ඕනේ. අපි සිකුරාද තමයි බේරේ වැවෙන් ජල සාම්පල ලබාගත්තේ එතකොට අද තමයි දවස් 05 සම්පූර්ණ වෙන්නේ. එතකොට අද හවස් වෙද්දි ඒ පරාමිතය විශ්ලේෂණය කරලා එහි ප්‍රතිඵල මොනවාද කියලා කියන්න පුළුවන්. දැනට සිදුකරපු පරීක්ෂණවලින් අපිට පෙනෙන්නට තියෙන්නේ අපිට රසායනිකව ඔක්සිජන් ඉල්ලුම වැඩි අගයක් තියෙනවා කියලා අනාවරණය වුණත් අපට තියෙන එක දෙයක් තමයි මේකේ මැරිලා තියෙන්නේ තාරාවෝ විතරයි. බේරේ වැවේ මාළු මැරුණා කියලා අපිට කිසිම විදිහකින් අනාවරණය වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තියෙනවානම් තාරවන්ට කලින් ගොඩක් වෙලාවට මාළු මැරෙන සන්සිද්ධීන් තමයි අපිට ගොඩක් බේරේ වැවෙන් වාර්තා වෙලා තියෙන්නේ කලින් කලට. මේ අවස්ථාවේදී අපිට අනාවරණය වුණේ තාරාවෝ විතරක මිය යනවා කියන එක. එම නිසා තවදුරටත් නාරා ආයතනය සිදුකළ පරීක්ෂණවලට අමතරව නිර්දේශ කරනවා පශූ වෛද්‍ය එසේ නැතිනම් කුමන හෝ පරීක්ෂණ ආයතනයට කියලා මේ මියගිය තාරවන් කාලා තියෙන්නේ මොනවද ? ඒ අය රුධිර සාම්පල්වල මොනව ද තියෙන්නේ ? ඊට අමතරව අභ්‍යන්තර ඉන්ද්‍රීන්ගේ මොනවද තියෙන්නේ ? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.”

    මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ සිදුකළ පර්යේෂණවලින් අවසන් නිඟමනයකට එළැඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.