රජයේ භාරයේ සිටින පුරවැසියන් ඝාතනය කිරීම කිසි සේත් අනුමත නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවාට සම්මානයක් ලබා දීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්රකාශකවයරා මේ බව සඳහන් කළේය.
“එමිල් රංජන්ට සම්මාන දෙන්න තියපු උත්සයක් නෙමෙයි ඒක. නමුත් යම් උත්සයක් පැවැත්වුණා. අධිකරණ ඇමතිතුමා ඒක ගැන කරුණු පැහැදිළි කළා. චෝදනා ලබපු අයට අපි සුදු හුණු ගාන්නේ නෑ, සුද්ද කරන්නෙත් නෑ. බන්ධනාගාරය ඇතුළේ ඉන්න පුරවැසින් ඉන්නේ රජයේ භාරයේ. ඒ අය ආරක්ෂා කරන්න ඕනේ ඒ වගකීමෙන් අපි බැහැර වෙන්නේ නෑ. ඉස්සර ආණ්ඩු මේ අයට අනීතිකව බලපෑම් කරපුවා අපි දන්නවා. නීතියේ දුර්වල තැන්වලින් රිංගලා යන්න පුළුවන් එහෙම වුණොත් නීතිත් වෙනස් කරන්න සිද්ධ වෙනවා.”