පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ පැවැත්වීමට බොහෝදුරට හැකියාව පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වන විටත් ඊට අදාළ නඩු තීන්දුව ලැබී ඇති බවය.
ඒ අනුව, එම තීන්දුව ඉදිරියේදී කථානායකවරයා විසින් දැනුම් දෙනු අති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් පලාන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.