Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනපති කියයි
    Featured

    ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනපති කියයි

    By LFNJanuary 28, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

    “සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

    යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය.

    1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

    රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ.

    ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

    යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.