Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 2026

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනපති කියයි
    Featured

    ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනපති කියයි

    By LFNJanuary 28, 2025No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

    “සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

    යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය.

    1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

    රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ.

    ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

    යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 2026

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්

    January 9, 20260115 Views

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා…

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    January 9, 2026

    ඩග්ලස් දේවානන්දාට ඇප

    January 9, 2026

    2026 අයවැය ලේඛණයෙන් තවත් නිවාස 31,000ක් – ජනපති

    January 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.