Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල්ගෙන් පොලිස් ඇමතිට සැර චෝදනාවක්
    Featured

    නාමල්ගෙන් පොලිස් ඇමතිට සැර චෝදනාවක්

    By LFNJanuary 27, 2025No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය.

    “ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි.

    අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

    මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.