අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු හා විදේශ ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ එහි රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත් සහ පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරින් විසින් ඔවුන්ව බේරාගෙන ඇත.
කෙසේ නමුත් බරපතළ තත්ත්වයේ සිටි වයස අවුරුදු 54 ක් වූ යුක්‍රේන ජාතික පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඊයේ (26) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
දිවි බේරාගත් ගැහැණු ළමුන් දෙදෙනා වයස අවුරුදු 13 හා 17 ක් වූ යුක්‍රේන ජාතිකයින් වේ.
මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.