Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව
    Featured

    ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති කළ හෙළිදරව්ව

    By LFNJanuary 26, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවය.

    එවැනි නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    “සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය. අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා. එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා. අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”

    මේ අතර වත්මන් රජය බලයට පත්වූ කෙටි කාලය තුළ රටෙහි සිදු වී ඇති වෙනස විපක්ෂයේ කණ්ඩායම්වලට දරාගත නොහැකි බව ජනාධිපතිවරයා පවසයි.

    එමෙන්ම ඉදිරි අයවැය සඳහා වන මූළික ප්‍රතිපත්ති රාමුව මේ වන විට සකස් කර අවසන් බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.