වාරියපොළ, හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගොස් සිටි දරුවන් දෙදෙනෙකු ගෙන් එක් දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඊයේ (25) සවස් කාලෙය්දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
මෙම දරුවන් දෙදෙනා ගල්වලක දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් විසින් මොවුන් දෙදෙනා රෝහල්ගත කර ඇත.
රෝහල් ගත කරන ලද දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බවට පොලීසිය පවසයි.
මියගිය දරුවා වයස අවුරුදු 13ක් සහ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින දරුවා වයස අවුරුදු 16ක් වූ බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවන් දෙදෙනෙකි.
මෘතදේහය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වාරියපොළ පොලීසිය විමර්ශන සිදුකරයි.