Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරු බීලා පාරේ යද්දී හසුවෙයි
    Featured

    බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරු බීලා පාරේ යද්දී හසුවෙයි

    By LFNJanuary 25, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවෙකු බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇති බවය.

    තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුරය පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන අස්වැද්දුම, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගන්නා ලද යතුරුපැදිය ඊයේ (24) අනුරාධපුර පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇත.

    තවද මෙම සැකකරු බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිට ඇති බවත්, එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවත්, සැකකරුට ඉහත නඩුව සඳහා වරෙන්තු නිකුත්වී ඇති බවටත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.