Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරු බීලා පාරේ යද්දී හසුවෙයි
    Featured

    බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරු බීලා පාරේ යද්දී හසුවෙයි

    By LFNJanuary 25, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවෙකු බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇති බවය.

    තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුරය පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කෝන්වැව ප්‍රදේශයේදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරුව යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන අස්වැද්දුම, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගන්නා ලද යතුරුපැදිය ඊයේ (24) අනුරාධපුර පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇත.

    තවද මෙම සැකකරු බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිට ඇති බවත්, එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවත්, සැකකරුට ඉහත නඩුව සඳහා වරෙන්තු නිකුත්වී ඇති බවටත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.