Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 2026

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?
    Featured

    බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?

    By LFNJanuary 25, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි.

    එහි පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසා සිටියේ, අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

    මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා පැවසීය.

    මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවද හෙතෙම පැවසීය.

    කෙසේ නමුත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට අපට තහවුරු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් ඉජාස් මහතා,

    “මියගිය සතුන් 25ක සිරුරු තිබුණා. ඒකෙනුත් අපි 7ක් විතර හෝමාගම පශු විමර්ශන ඒකකයට යොමුකළා. එහිදී තහවුරු වෙලා තියෙනවා කුරුළු උණ නැති බවට.

    මේ වනවිට අපි පේරාදෙනිය පශු විමර්ශන ඒකකටත් දැනුම්දීලා තියෙන්නේ. ඒ අය සඳුදා වෙනකොට සියළුම සාම්පල් අපට යවන්න කියලා තියෙනවා.

    දැනට අපට නිෂ්චිත වශයෙන්ම තහවුරු කරන්න බෑ මොකක්ද කියලා. ඒ නිසා රසායනාගාර පරීකෂණ සියල්ල අවසන් වූ පසුව ලැබෙන තීරණ අනුව සතුන් මියයන නිෂ්චිත හේතුව හොයාගන්න පුළුවන්”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    විපක්ෂ නායකගේ මැයි දින පණිඩුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා

    May 1, 202602 Views

    2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති…

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    May 1, 2026

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.