Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
    Featured

    දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට

    By LFNJanuary 24, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

    එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

    “2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්… ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා… භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර මිලියන 8.3කින් භාවිතය අඩු වුණා. දුම්වැටි ඒකක මිලියන 521.5කින් අඩු වුණා. මේ සමස්ත බදු වැඩිකිරීම තුළ දුම්කොළ සමාගමට රු මිලියන 7,000ක විතර අමතර ලාභයක් ලැබිලා තිබෙනවා. මේ වෙන්නේ බදු වැඩි කිරීම තුළින් මිලක් තබාගන්න ඉඩක් ලැබෙන එක.”

    “මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙනවා. 2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා. සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා. හැබැයි අපිට උගන්වලා තියෙන්නේ මේ බදු නැත්තම් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවලා ඉවරයි වගේ කතා. ඔක්කොම බොරු. පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය කරපු නැති නිසා අපිට රු. බිලියන 100ක් විතර අහිමි වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 202609 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.