Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නුවර – කොළඹ මාර්ගයේ රථවාහන සීමා කිරීමක්
    Featured

    නුවර – කොළඹ මාර්ගයේ රථවාහන සීමා කිරීමක්

    By LFNJanuary 23, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

    ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.

    පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇත.

    පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර ඇත.

    විකල්ප මාර්ග

    * කොළඹ සිට නුවර දෙසට හා කුරුණෑගල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන කලගේඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරයට පැමිණ නිට්ටඹුව දෙසට ගමන් කර වමට හැරී කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මිරිගම මාර්ගයට පිවිස, කුරුණෑගල දෙසට ගමන් කරන වාහන වමට හැරී මිරිගම දෙසටත් නුවර දෙසට ගමන් කරන වාහන දකුණට හැරී පස්යාල දෙසටත් ගමන් කළ හැකිය.

    * මිරිගම දෙස සිට පැමිණ කොළඹ දෙසට ගමන් කරන වාහන පස්යාල දෙසට පැමිණ මල්ලැහැව හන්දියෙන් දකුණට හැරී වේයන්ගොඩ හරහා කලගේඩිහේන දෙසටත්, කිරිඳවැල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල දෙස සිට නිට්ටඹුව අලෝක සංඥා අසලින් වේයන්ගොඩ දක්වා ගමන් කර කලගෙඩිහේන දෙසට ගමන් කළ හැකිය.

    * කටුනායක දෙස සිට කිරිඳවැල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වේයන්ගොඩ නගරය පසුකර වමට ඇති කොට්ටල මාර්ගය ඔස්සේ ගමන් කර මල්ලැහැව හන්දියෙන් දකුණට හැරි පස්යාල හන්දිය හරහා අත්තනගල්ල දෙසට ගමන් කළ හැකිය.

    * කිරිඳවැල දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල හන්දියෙන් පස්යාල දෙසට ගමන් කළ හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.