Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ කල්ලි මර්දනයට STF කුඩා කණ්ඩායම්
    Featured

    අපරාධ කල්ලි මර්දනයට STF කුඩා කණ්ඩායම්

    By LFNJanuary 22, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ.

    මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලිනි.

    එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

    මෙම වෙඩිතැබීම් වැලිගම, අත්තිඩිය, බඩෝවිටින්, ගල්කිස්ස, කොහුවල සහ මන්නාරමෙන් වාර්තා විය.

    පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩපැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත්, සාමාන්‍ය පොලිස් ස්ථානවලට විශේෂ කාර්ය බළකාය යොදවනු ලබන පළමු අවස්ථාව මෙය බවද සඳහන් වේ.

    පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට අමතරව අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.