Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආන්දෝලනාත්මක නඩු පැවරීම් කිහිපයක් ජනවාරි අගදී – ජනපති
    Featured

    ආන්දෝලනාත්මක නඩු පැවරීම් කිහිපයක් ජනවාරි අගදී – ජනපති

    By LFNJanuary 21, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    බේරුවල නගරයේ පසුගිය(19) පස්වරුවේ පැවති ජාතික ජනබලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    “හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස පිළිබඳ තීන්දුවක් ගන්නවා. මම ලියුමක් දෙන්න හිතාගෙන මටනම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර තක්සේරුව ලක්ෂ 46යි. එක්කෝ 30,000ට වෙන ගෙදරක යන්න. නැතිනම් ඉතුරු ලක්ෂ 45 ගෙවන්න.”

    “හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවාලු. තර්ජනයක් තියෙනවානම් ආරක්ෂාව දෙනවා.”

    ඩීසල් රු.300ට වඩා පහළ ගියේ අපේ ආණ්ඩුවෙන්. හැබැයි සෑම මාසෙම අඩු කරන්න බැහැ. ඩීසල්වලට තියෙන බද්ධ අඩු කරන්න බැහැ. තෙල් සංස්ථාව කෝටි 90,000ක් ණයයි. විකුණන තෙල් ලීටරය ගානේ ණය ගෙවනවා. බද්ධ අයින් කරන්න වෙන්නේ ණය ගෙවපුවාම.”

    “ආරම්භයේදීම ඉන්දියාවේ සංචාරය කළා. සාම්පූර් බලාගාරය හදන්න එකඟ වුණා. ගිවිසුම ගැහුවේ අවුරුදු 20කට. බලාගාරයේ අයිතිය 50%ට 50%. කලින් විදුලිය දෙන්න හිටියේ ඒකකයක් ඩොලර් සත 07ට. ඩොලර් සත 5යි 97ට ගන්න සාකච්ඡා අවසන් කළා. දැන් ඒ බලාගාරය අපි හදනවා.”

    “තෙල් ටැංකි 99ක් තියෙනවා. අපි ටැංකි 24ක් අරගෙන IOC එකට 14ක් දුන්නා තව තෙල් ටැංකි 61ක් ඉතුරුයි. අපි ඉන්දියානු සමාගමත් එක්ක එකතු වෙලා එතන පුළුවන් නම් තෙල් පිරිපහදුවක් දලා. තෙල් පිරිපහදු කරලා මේ ගබඩාවල ගබඩා කරලා ලෝකෙට තෙල් විකුණමු කියාල.”

    “චීනයෙන් නැවත නොගෙවිය යුතු දසලක්ෂ විසිදහසක ප්‍රධානයක් දුන්නා. වරාය නගරයේ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකරනවා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් හම්බවෙනවා. මැදපෙරදිග සමඟ සාකච්ඡා කරනවා ආණ්ඩුවෙන් තෙල් ගේන්න. ඒ සාකච්ඡා වෙනුවෙන්. පෙබරවාරිවල මැදපෙරදිගට යනවා.”

    “හොරුන්ට මොකද වෙන්නේ අහනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. ඉස්සර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හැංගුවා. පෝද්දල ජයන්තට පහරදීමේ වෛද්‍ය වාර්තා නැහැ. වේගයෙන් නඩු පවරනවා කලබලවෙන්න එපා. නඩු කිහිපයක් ජනවාරි අග වැටෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.