Close Menu
Lanka Focus News
    What's Hot

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද මිලිමීටර් 100ට වැඩි තද වැසි
    Featured

    අද මිලිමීටර් 100ට වැඩි තද වැසි

    By LFNJanuary 11, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි.

    ඒ අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ද ඇති වෙයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 202608 Views

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන…

    ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

    October 1, 2026

    නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් පාරිභෝගික අධිකාරිය භාරයට

    September 30, 2026

    ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන ගිගුරුම් සහිත වැසි

    September 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.