මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමේ පාවුළුක් සිල්වා මාවතට හැරෙන හන්දිය ආසන්නයේ ඇති වතුර වළකට ඇදවැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
කොච්චිකඩේ පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර ඊයේ (09) සිදුවී ඇති බවය.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.