Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලිසියේ 3ක් කැපූ වීරකැටියේ සංවර්ධන නිලධාරියා රිමාන්ඩ්
    Featured

    ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලිසියේ 3ක් කැපූ වීරකැටියේ සංවර්ධන නිලධාරියා රිමාන්ඩ්

    By LFNJanuary 9, 2025No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුද්ධි නිලධාරියකු බව උසාවියට කී කෝට් සාජන් ගැනත් විමර්ශන
    තවත් කතාවක් එළියට

    බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන් තිදෙනකු කපා තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වීරකැටිය ප්‍රදේශයේ පාසලක සංවර්ධන නිලධාරියකු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (07දා) නියෝග කළේය.

    පොලිස් නිලධාරීන් තිදෙනා කපා තුවාල කළේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු විසින් බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබිණි. මෙම නිලධාරීන් කපා දැමීම රජයේ අනුදැනුම මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය.

    එහෙත් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන කළ තලංගම පොලිසිය මෙම සැකකරු හඳුනා ගැනීමට කටයුතු කළේය.

    එහිදී සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පාසලක සංවර්ධන නිලධාරියකු බව හෙළි වූ අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබියදී පෙරේදා (7දා) ඔහු තලංගම පොලිසියට භාරවී තිබේ. එසේ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලිසිය කටයුතු කළේය.

    ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් විසින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ඉකුත් වසරේ දෙසැම්බර් 02 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කර තිබිණ.

    එහිදී පොලිස් නිලධාරීන් තිදෙනකු තියුණු ආයුධවලින් කපා තුවාල කර තිබුණේ එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටියදීය.

    මෙම විරෝධතාවේදී පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකළ තැනැත්තා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට කඩුවෙල අධිකරණයේදී විමර්ශන නිලධාරියකු විසින් කරන ලද සඳහන සත්‍ය නොවන බව පසුව කළ විමර්ශනයේදී තහවුරු වී තිබේ.

    අධිකරණයේ එම වැරදි ප්‍රකාශය කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් කර තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025

    වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්

    May 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 20250121 Views

    ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ. වසර 14ක…

    සිරිපා වන්දනා සමයත් අවසන් වෙයි

    May 12, 2025

    වෙසක් සැරසිලි දැමීමට ගිය දැරියක් විදුලිසැර වැදී මරුට

    May 12, 2025

    වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්

    May 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.