Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ පිරිසට වන්දි
    Featured

    ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් දෑස් අන්ධ වූ පිරිසට වන්දි

    By LFNJanuary 7, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවය.

    “නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා.

    ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න.

    මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.