Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලිගම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට
    Featured

    වැලිගම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

    By LFNJanuary 7, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර, වැලිගමදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිගම ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වල්ලිවල, වැලිගම ප්‍රදේශයේ පදිංචි 24ක් හැවිරිදි තරුණයෙකි.

    සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අපරාධය සිදු කිරීමට භාවිතාකළ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    මාතර, වැලිගම දී පසුගිය 04 වනදා සිදුකළ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබුණි.

    පොලීසිය පැවසුවේ, යතුරුපැදි තුනකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පසුගියදා මාතර බන්ධනාගාරයේදී බෝ ගසක අත්තක් කඩාවැටී මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවය.

    මාතර බන්ධනාගරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය සිරකරුවාගේ දේහය තැම්පත් කර ඇති තුර්කි ගම්මානයේ පිහිටි නිවසට පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් පසුගිය 03 වනදා රාත්‍රියේ ගොස් තිබුණි.

    අනතුරුව පසුගිය 04 වනදා අලුයම එකට පමණ එම පිරිස නැවත නිවෙස්වෙත පා ගමනින් පැමිණෙමින් සිටියදී වැලිගම, කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් පිස්තෝලයකින් හා ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබුණි.

    එහිදී පාගමනින් ගමන්කරමින් සිටි පස්දෙනාගෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර පසුව ඔවුන් දෙදෙනාව මාතර, වලාන රෝහලට ඇතුළත් කරනු ලැබීය.

    රෝහල්ගත කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලවෙත මාරුකර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

    මියගිය පුද්ගලයා 26 හැවිරිදි කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආකාෂ් තාරුක නැමැත්තෙකි.

    වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා 29 හැවිරිදි සෙහාන් දුලාංජල නැමැත්තෙක් බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, වැලිගම හා මාතර පොලීස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260120 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.