Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්
    Featured

    නව ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

    By LFNJanuary 6, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙයි.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළේය.

    “පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ලංකාව තුළ පසුගිය කාලයේ දී මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදි හුඟාක් දේවල්වලට විමර්ශනයක් සිද්ධ වෙලා නෑ හරියාකාරව. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන ලද නොයෙකුත් දුෂිත ක්‍රියාවන් සියල්ල විමර්ශනය කරන්න අවශ්‍ය යාන්ත්‍රණය දැනට සකස් කරන්න කියන එක තමා අපේ ඉල්ලීම. එයට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීම අවශ්‍යයි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.