පදවි ශ්‍රීපුර පාසලක ගුරුවරියක් එම පාසලේම සිසුවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන වට්ස්ඇප් මඟින් එවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (04දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ශ්‍රීපුර පොලිසිය කියයි.
සයමස් ගැබිනි ගුරුවරියක් වන ඇය අට වසරේ ඉගෙන ගන්නා තම දියණියගේ වට්ස්ඇප් අංකයට අසභ්‍ය වීඩියෝ දර්ශන එවා ඇති බවට පියා විසින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව පදවි ශ්‍රීපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද දැනුම් දීමකින් අනතුරුව සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.
පාසලේ තොරතුරු තාක්ෂණ කාමරයේදී මෙම දැරියට මීට පෙරද ඇය අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇති බවට දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගුරුවරිය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පදවි ශ්‍රීපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.