Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    July 4, 2025

    ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වනඅලින්ට GPS කරපටි
    Featured

    වනඅලින්ට GPS කරපටි

    By LFNJanuary 6, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත.

    මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    ඒ වනඅලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ අරමුණින්ය.

    සමීක්ෂණවලට අනුව මෙරට භෝග වගාවන්ට හානි පමුණුවන සතුන් අතර වන අලියාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

    දිවයිනේ ප්‍රදේශ රැසකින් දෛනිකව වනඅලි හානි වාර්තාවන්නේ ඒ බව තවදුරටත් තහවුරු කරමිනි.

    එලෙස වගා හානි බහුලව සිදුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි, රක්ෂිත වෙත පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණේ ඒ අනුවය.

    අනුරාධපුර වනඅලි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දක්වා පන්නා දැමීමේ කටයුතු ඒ අනුව ආරම්භ කෙරුණත්, ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම කටයුතු අතරමග නවතාදැමීමෙන් ප්‍රදේශ කිහිපයක වනඅලි ගැටලුව තීව්‍ර වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    July 4, 2025

    ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,505 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,937 Views
    Don't Miss

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 20250121 Views

    පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම…

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    July 4, 2025

    ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

    July 4, 2025

    රාගම බටුවත්තේ වෙඩිතැබීමක්

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.