Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍යයේ අසත්‍ය හඬපටයක්
    Featured

    සමාජ මාධ්‍යයේ අසත්‍ය හඬපටයක්

    By LFNJanuary 4, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

    පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර ඇත.

    කෙසේ නමුත් එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවටත් පොලීසිය මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටියි.

    ඒ අනුව අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 20250118 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025

    රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.