Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍ය මඬින්න යුද හමුදා බුද්ධි මෙහෙයුම් පුළුල් කරයි
    Featured

    මත්ද්‍රව්‍ය මඬින්න යුද හමුදා බුද්ධි මෙහෙයුම් පුළුල් කරයි

    By LFNJanuary 3, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සිදු කරන මෙහෙයුම් හා බුද්ධි අවේක්ෂණ රාජකාරි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයෙන් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව තවදුරටත් පුළුල් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලු පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.

    2024 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවට රැස් කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කළ වැටලීම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයන් 451 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 61කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

    ඊට අමතරව කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟින් සැකකරුවන් 451 දෙනකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.

    එසේම නීති විරෝධී දේශීය මත්පැන් ලීටර 850කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර 15,000කට ආසන්න ප්‍රමාණයක් ද විදේශීය මත්පැත් බෝතල් 68ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත. මීට අමතරව නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 7340කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.

    තවද 2024 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාව රැස් කළ බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය සමඟ කළ වැටලීම්වලදී කොටහේන, මාලිගාවත්ත, කොල්ලුපිටිය, මීගමුව සහ වේල්ලවීදිය යන ප්‍රදේශවලදී නීති විරෝධී දුම්වැටි 170,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම යාල රක්ෂිතය, උඩවලව ප්‍රදේශවලදී ගංජා කිලෝග්‍රෑම් 3459කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා පැළ 440,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව දුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් විශාල වශයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.