Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්
    International

    නව වසරේ අමෙරිකාව සලිත කළ ඛේදවාචක තුනක්

    By LFNJanuary 3, 2025No Comments3 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපදයට 2025 නව වසර උදාවූයේ ඉතාමත් ඛේදනීය සිදුවීම් පෙළකින්.

    ඉන් එක් සිද්ධියක් නිව් ඕලියන්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, තවත් සිද්ධි දෙකක් නිව්යෝර්ක් සහ ලාස් වේගාස් නුවරින් වාර්තා විය.

    මෙම සිද්ධීන්වලින් 16 දෙනකු මියගිය අතර, තුවාල ලැබූ ගණන 53ක්.

    2025 නව වසර මහත් හරසරින් පිළිගැනීම සඳහා අමෙරිකානුවන් විවිධ ප්‍රදේශවලදී උත්සව සංවිධානය කර තිබුණි.

    ඒ අනුව නිව් ඕලියන්ස්හි ප්‍රකට සංචාරක කලාපය ද ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය.

    කෙසේ වෙතත් කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් කැබ් රථයක් වේගයෙන් ඉදිරියට ධාවනය වන්නේ පුද්ගලයින් රැසක් යටකර දමමින්ය.

    මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 35කට අධිකය.

    අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු පසුව ජනතාව සහ පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර ද එල්ල කර තිබේ.

    නමුත් පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කැබ් රියේ රියදුරු මරණයට පත්විය.

    සිද්ධිය ඇසින් දුටුවන්

    “මුළු වීථිය පුරාම හැමතැනම මළ සිරුරු. මිනිස්සු කෑ ගහනවා. අඬනවා. සමහර අය කෘතිම ශ්වසනය දෙනවා. මිනිස්සු පාරේ අඬනවා”‘.

    සිද්ධිය පිළිබඳ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යංශය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු ටෙක්සාස්හි උපන් 42 හැවිරිදි සම්සුද් ඩීන් ජබ්බාර් නම් අමෙරිකානු ජාතිකයෙකු බවයි.

    වසර 13ක් අමෙරිකානු හමුදාවේ සේවය කළ ඔහු ඇෆ්ගනිස්තානයේ රාජකාරිවලට ද අනියුක්තව සිට ති‍බේ.

    මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මීට මාස කිහිපයකට පෙර සිට ඉස්ලාමීය අන්තවාදයට නැඹුරු වී ඇති බවට ඔහුගේ සමාජ මාධ්‍ය සටහන්වලින් අනාවරණ වී තිබුණත්, ඒ ගැන කිසිවකුගේවත් අවධානය යොමුව නැහැ.

    අනතුර සිදුකිරීමට යොදාගත් කැබ් රථය ඔහු ටෙක්සාස් ප්‍රාන්තයෙන් කුලියට ගෙන ඇත්තේ ‘ටියුරෝ’ නම් යෙදවුමක් හරහාය.

    විමර්ශකයින් එම කැබ් රථයේ තිබී පුපුරන ද්‍රව්‍ය සහ IS ධජයක් ද සොයාගෙන තිබේ.

    එමෙන්ම අනතුර සිදුවූ ප්‍රදේශයේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපාංග දෙකක් සොයාගැනීමටත් විමර්ශකයින් සමත්ව ඇත.

    ඒ අනුව මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා කටයුතු කරන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විශ්වාස කරන්නේ මෙය සංවිධානාත්මක ප්‍රහාරයක් බවටය.

    ඒ අනුව මීට සම්බන්ධ තවත් පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

    මේ පිළිබඳ අදහස් දක්වන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්

    “ඝාතකයා ටෙක්සාස්හි උපන් අමෙරිකානු ජාතිකයෙක් බව FBI ආයතනය වාර්තා කළා. එමෙන්ම අනතුර සිදුකිරීමට පැය කිහිපයකට පෙර ඔහු ISIS සංවිධානයේ මත දරන අයෙක් බවට සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කර ඇති බවත් FBI ආයතනය වාර්තා කරනවා”.

    මේ අතර නිව් ඔලියන්ස් සිද්ධියෙන් උණුසුම පහව යාමටත් මත්තෙන් ඉලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ නිෂ්පාදිත සයිබර් ට්‍රක් රථයක් ලාස් වේගාස්හි පුපුරා ගියේය.

    ඒ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය ඉදිරිපිටදීය.

    එහිදී සයිබර් ට්‍රක් රථයේ රියදුරු මියගොස් තවත් පුද්ගලයින් හත්දෙනකු තුවාල ලැබීය.

    මෙම පුපුරායාම ත්‍රස්ත ක්‍රියාවක් දැයි තවමත් අනාවරණ වී නොමැත.

    කෙසේ නමුත් පුපුරාගිය ට්‍රක් රථය තුළ තිබී ගිනිකෙළි ද්‍රව්‍ය සහ ගිනි නිවන උපකරණයක් සොයාගෙන තිබේ.

    මෙම රථය කුලියට ගෙන තිබුණේ ද නිව් ඕලියන්ස් අනතුර සිදුකිරීමට යොදාගත් කැබ් රථය කුලියට ගත් ‘ටියුරෝ’ යෙදවුම හරහාම වීම විශේෂත්වයක්ය.

    නමුත් මෙම වාහන කුලියට ගත් පුද්ගලයින්ගේ අපරාධ පසුබිම පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බවත් විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහාය දක්වන බව ‘ටියුරෝ’ සමාගම පවසා තිබේ.

    එමෙන්ම තේරීපත්වූ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට පිපිරීම වීමත් එම රථය ට්‍රම්ප්ගේ ප්‍රධාන සහයෝගීකරු වන මස්ක්ගේ ටෙස්ලා සමාගමට අයත් වීමත් විශේෂත්වයක්.

    ඒ අනුව මෙම පිපිරීම සහ ට්‍රම්ප් සහ මස්ක් අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    මෙවන් පසුබිමක නිව්යෝර්ක් නුවර ක්වීන්ස්හි රාත්‍රී සමාජ ශාලාවක දී සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

    ඒ 2025 නව වසරේ පළමු දිනයේදී ම අමෙරිකාව අපරාධ ජාලයක ගිල්වමින්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202603 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.