Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යළි කරළියට ආ රන්වල
    Featured

    යළි කරළියට ආ රන්වල

    By LFNJanuary 2, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයට, සමාජයට සහ ප්‍රතිලාභින්ට මෙහෙවරක් සිදුකළ හැක්කේ ශක්තිමත් ව්‍යාපාරිකයන් විසින් නිසි පරිදි බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

    නමුත් පසුගිය කාලසීමාව තුළ බදු මුදල් එකතුකර ගැනීමට නොහැකිව රජය ඉතා බරපතළ ඛේදවාචකයකට මුහුණදුන් බවත් එවැනි අවස්ථාවලදී යම් ව්‍යාපරිකයෙක් තමන්ගේ මුදලින් සුබසාධන කටයුතු කරන්නේ නම් එවැනි ව්‍යාපාරිකයන්ව පැසසුමට ලක්කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩදුරටත් පැහැදිලි කළේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජයකිරණ සමූහ ව්‍යාපාරය 23 වන වරටත් පාසල් ළමුන්ට, ගැබිනි මාතාවන්ට සහ වැඩිහිටියන්ට සුබසාධනය සැලසීමේ අරමුණින් සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ (01) සහභිගී වු අවස්ථාවේ දීය.

    “ශක්තිමත් ව්‍යාපාරිකයන් බදු මුදල් ලබා දුන්නොත් පමණයි සමාජයට ප්‍රතිලාභයක්, මෙහෙවරක් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙම බදු මුදල් එකතු කරගන්න බැරුව ඉතා බරපතළ ඛේදවාචකයකට පසුගිය කාලසීමාව තුළ මුහුණදුන්නා. ඒක තමයි අපේ අත්දැකීම.”

    “කවුරුත් දන්නවා අපේ භාණ්ඩාගාරය පතුලටම හිඳිලා තිබුණේ. අන්න ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා දැඩි උත්සාහයක නිරත වුණේ දරුවන්ට අවශ්‍ය පාසල් පොත් නිල ඇඳුම් ලබාදීමට. මේ කටයුතු පාර්ලිමේන්තුවට ගේන අවස්ථාවේ වෙනත් ප්‍රශ්න ඇදලා පාර්ලිමේන්තුව සම්පූර්ණම අවුල් සහගත තත්ත්වයකට ගෙනාවා. ඉතාමත් නරක තත්ත්වයකට පාර්ලිමේන්තුව ගෙනාවා. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉතා ශික්ෂණයකින් කටයුතු කළේ නැත්නම් ඒ පොත්පත් ටික නිල ඇඳුම් ටික දරුවන්ට ලබා දෙන්න බැරිවෙනවා මේ අවුරුද්දේ. මෙන්න මෙවැනි තත්ත්වයකින් දරුවන්ට පාසල් නිල ඇඳුම් පොත් ලබාදෙන්න රජය උත්සාහ දරනකොට බියගම පෞද්ගලික ව්‍යාපාරිකයකු සමාජ අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ධනය කැප කිරීම අපි පැසසුමට ලක් කරන්න ඕන.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,894 Views
    Don't Miss

    සංචාරක පැමිණීම ලක්ෂ 9 ඉක්මවයි

    May 13, 20250123 Views

    2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා…

    ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ

    May 13, 2025

    රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

    May 13, 2025

    කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.