Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යළි කරළියට ආ රන්වල
    Featured

    යළි කරළියට ආ රන්වල

    By LFNJanuary 2, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයට, සමාජයට සහ ප්‍රතිලාභින්ට මෙහෙවරක් සිදුකළ හැක්කේ ශක්තිමත් ව්‍යාපාරිකයන් විසින් නිසි පරිදි බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

    නමුත් පසුගිය කාලසීමාව තුළ බදු මුදල් එකතුකර ගැනීමට නොහැකිව රජය ඉතා බරපතළ ඛේදවාචකයකට මුහුණදුන් බවත් එවැනි අවස්ථාවලදී යම් ව්‍යාපරිකයෙක් තමන්ගේ මුදලින් සුබසාධන කටයුතු කරන්නේ නම් එවැනි ව්‍යාපාරිකයන්ව පැසසුමට ලක්කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩදුරටත් පැහැදිලි කළේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජයකිරණ සමූහ ව්‍යාපාරය 23 වන වරටත් පාසල් ළමුන්ට, ගැබිනි මාතාවන්ට සහ වැඩිහිටියන්ට සුබසාධනය සැලසීමේ අරමුණින් සංවිධානය කර තිබූ වැඩසටහනට ඊයේ (01) සහභිගී වු අවස්ථාවේ දීය.

    “ශක්තිමත් ව්‍යාපාරිකයන් බදු මුදල් ලබා දුන්නොත් පමණයි සමාජයට ප්‍රතිලාභයක්, මෙහෙවරක් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙම බදු මුදල් එකතු කරගන්න බැරුව ඉතා බරපතළ ඛේදවාචකයකට පසුගිය කාලසීමාව තුළ මුහුණදුන්නා. ඒක තමයි අපේ අත්දැකීම.”

    “කවුරුත් දන්නවා අපේ භාණ්ඩාගාරය පතුලටම හිඳිලා තිබුණේ. අන්න ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා දැඩි උත්සාහයක නිරත වුණේ දරුවන්ට අවශ්‍ය පාසල් පොත් නිල ඇඳුම් ලබාදීමට. මේ කටයුතු පාර්ලිමේන්තුවට ගේන අවස්ථාවේ වෙනත් ප්‍රශ්න ඇදලා පාර්ලිමේන්තුව සම්පූර්ණම අවුල් සහගත තත්ත්වයකට ගෙනාවා. ඉතාමත් නරක තත්ත්වයකට පාර්ලිමේන්තුව ගෙනාවා. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉතා ශික්ෂණයකින් කටයුතු කළේ නැත්නම් ඒ පොත්පත් ටික නිල ඇඳුම් ටික දරුවන්ට ලබා දෙන්න බැරිවෙනවා මේ අවුරුද්දේ. මෙන්න මෙවැනි තත්ත්වයකින් දරුවන්ට පාසල් නිල ඇඳුම් පොත් ලබාදෙන්න රජය උත්සාහ දරනකොට බියගම පෞද්ගලික ව්‍යාපාරිකයකු සමාජ අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ධනය කැප කිරීම අපි පැසසුමට ලක් කරන්න ඕන.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.