Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැය 24ක් තුළදී වාර්තා වූ වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාව
    Featured

    පැය 24ක් තුළදී වාර්තා වූ වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාව

    By LFNJanuary 1, 2025Updated:January 1, 2025No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (01) දින පෙරවරු 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් බව පොලීසිය පවසයි.

    එය, විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව බව ද පොලීසිය පවසයි.

    එමෙන්ම එම කාලය තුළදී රථවාහන වැරදි සිදුකළ බවට හඳුනාගෙන
    නීතිය ක්‍රියාත්මක කළ සමස්ත රියදුරන් සංඛ්‍යාව 7,264 ක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

    එහිදී, බීමත් රියදුරන් 529ක්, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවූ රියදුරන් 57ක්, අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 54ක්, මාර්ග නීති උල්ලංඝණය කළ රියදුරන් 1,057 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 614ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 4,953 ක් වශයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    මෙම විශේෂ රථවාහන මෙහෙයුම උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි පසුගිය මස 23 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කෙරුණි.

    ඒ අනුව, මෙම විශේෂ රථවාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.