Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටස් එකලස්කළ රු කෝටි 05ක වාහන සමග සැකකරුවෙක් මාට්ටු
    Featured

    කොටස් එකලස්කළ රු කෝටි 05ක වාහන සමග සැකකරුවෙක් මාට්ටු

    By LFNJanuary 1, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණි.

    එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණේ මාතලේ ප්‍රදේශයේදීය.

    වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.

    එකලස් කරන ලද වාහන 8ක් සැකකරු සන්තකයේ තිබී හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවට පොලීසිය සැක පළකරයි.

    ඒ, අතරින් වාහන 06 භාවිතයට ගතහැකි මට්ටමේ පවතින අතර වාහන දෙකක් පවතින්නේ අබලන් තත්ත්වයකයි.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, පිළියන්දල ප්‍රදේශයේ සඟවා ඇති තවත් වාහනයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර එහි චැසි අංක, එන්ජින් සියල්ල වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබේ.

    මේ අතර සැකකරු සමග ක්‍රියාත්මක වන ජාලයක් පවතින බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර, මූල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක්ද ඊට අයත්ය.

    එකලස් කරන වාහන මිලදී ගන්නා ගැණුම්කරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදී ඇත්තේ ඔහු විසින් බව පොලීසිය පවසයි.

    මෙතෙක් සොයාගැනුණු වාහනවල වටිනාකම රුපියල් කෝටි 05කට අධිකයි.

    සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250107 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.