Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති
    Featured

    නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති

    By LFNJanuary 1, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය.

    නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද කියා සිටියේය.

    දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    “ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම. මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා. පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්‍රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවනවා…”

    මේ අතර එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.