Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNDecember 31, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 04කින් තරුණයින් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (30) එම අනතුරු සිදුව තිබුණේ දෙයියන්දර, ගලේවෙල, නාල්ල සහ පේරාදෙණිය යන පොලිස්වසම්වලය.

    හක්මණ – මුලටියන මාර්ගයේ පල්ලාවල විදුහල ආසන්නයේදී බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකරු බස් රථයේ ඉදිරි දකුණු පස රෝදයට යටවී බරපතළ තුවාල ලබා දෙයියන්දර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, ගොම්බද්දල, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සිමෙන්ති පැටවූ ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ.

    මේ අතර මීරිගම ගිරිඋල්ල මාර්ගයේ ලෝලුවාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබු පදිකයා සහ යතුරු පැදිකරු මීරිගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පදිකයා මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.

    එළුගොඩ – පමුණුව මාර්ගයේ දොඩම්වලපිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.

    පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.