Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව හමුදාපති වැඩභාරගනී
    Featured

    නව හමුදාපති වැඩභාරගනී

    By LFNDecember 31, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබේ.

    ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාව ඊයේ (30) දින පත්කළේය.

    කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා 1989 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙමින් සිය අභිමානවත් හමුදා දිවිය ආරම්භ කළේය.

    දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියාවේ දෙහෙරාදුන් හි ඉන්දීය හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව, 1990 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරීයට පත්කරනු ලැබීය.

    ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා, හමුදා දිවිය තුළ තම සුවිශේෂී හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් විවිධ විෂයන් ඔස්සේ වූ උසස් පාඨමාලා කිහිපයක් හදාරා ඇත.

    අවි (ක්ෂේත්‍ර) සඳහා වන උසස් පාඨමාලාව, දිගුදුර අවි සඳහා වන මාණ්ඩලික පාඨමාලාව, ඉන්දියාවේ Higher Defence Orientation පාඨමාලාව සහ චීනයේ කාලතුවක්කු බලඇණි අණදෙන පාඨමාලාව ඒ අතර වේ.

    තවද, ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ගික ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත.

    මීට අමතරව, ඔහු ශ්‍රී ලංකාවේ යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (වත්මන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය) උපාධිධාරියෙකු ද වේ.

    කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත දක්‍ෂ යුද හමුදා නිලධාරියෙකු වශයෙන් ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා යුද හමුදාවේ විවිධ තනතුරු හොබවමින් රාජකාරි කර ඇති අතර, කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ වී සිටියදී එල්ටීටීඊ ප්‍රහාර හමුවේ තෙවරක් තුවාල ලබා ඇත.

    ඔහු සතුරා ඉදිරියේ අභීතව සිදුකළ නිර්භීත ක්‍රියා ඇගයීම වෙනුවෙන් ඔහුට රණ සූර පදක්කම පිරිනමා ඇත.

    තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ තනතුරු රාශියක් හොබවමින් කටයුතු කොට ඇති ඔහු, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 18 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 661 වන පාබල බලසේනාධිපති, 663 වන පාබල බලසේනාධිපති සහ පුනරීන් හි පිහිටුවා තිබූ 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ප්‍රධාන නිලතල කිහිපයක් හොබවමින් සේවය කොට ඇත.

    මීට අමතරව, ඔහු මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කර තිබේ.

    තවද, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ විදෙස් මෙහෙයුම් තනතුර දරා ඇති යුද හමුදාපතිවරයා, ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙසද කටයුතු කළේය.

    ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා යුද හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.

    ඔහු ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන්හට පුතෙකු සහ දියණියන් දෙදෙනෙකු සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.