Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්
    Featured

    සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්

    By LFNDecember 31, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි.

    මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි.

    2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව මෙවර සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරයි.

    මේ වන විට මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක්ම විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඇත්තේ රටේ සංචාරක කර්මාන්තයට ද නැවුම් බලාපොරොත්තු එක්කරමිනි.

    මෙවන් යහපත් වාතාවරණයක් ගොඩනැගී තිබුණත් සංචාරක පාරාදීසයක් වන ඇල්ලේ තත්ත්වය නම් එතරම් සතුටුදායක නැත.

    ඒ පවතින අඩුපාඩු රැසක් හේතුවෙනි.

    සංචාරකයින්ගේ වාහන නැවැත්වීමට රථ ගාල් නිසි ලෙස නොමැති වීමෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබේ.

    අවන්හල් ඉදිරිපිට වාහන නැවැත්වීමට මින් පෙර සංචාරකයින්ට අවස්ථාව හිමිවුවත් පොලිසිය එය තහනම් කළ නිසා ගැටලුව තවත් උග්‍ර වී ඇතැයි කර්මාන්තකරුවන් පෙන්වා දෙයි.

    එසේම රාත්‍රි කාලයේ ප්‍රමාණවත් ආලෝක පද්ධතියක් නොමැති වීමෙන්ද සංචාරකයින් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

    මේ අතර පොළොන්නරුවේ පුරාවිද්‍යා නටඹුන් සහ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ප්‍රවේශපත් සඳහා අයකරන ගාස්තු ද පසුගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකටත් වඩා ඉහළ නංවා ඇතැයි සංචාරක මඟපෙන්වන්නන් පවසයි.

    2025 වසරේ සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වාගැනීමේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් කඩිනමින් මෙම ගැටලු විසඳීමට බලධාරීන් පියවර ගත යුතු නොවේද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260119 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.