Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්
    Featured

    සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්

    By LFNDecember 31, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි.

    මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි.

    2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව මෙවර සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරයි.

    මේ වන විට මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක්ම විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඇත්තේ රටේ සංචාරක කර්මාන්තයට ද නැවුම් බලාපොරොත්තු එක්කරමිනි.

    මෙවන් යහපත් වාතාවරණයක් ගොඩනැගී තිබුණත් සංචාරක පාරාදීසයක් වන ඇල්ලේ තත්ත්වය නම් එතරම් සතුටුදායක නැත.

    ඒ පවතින අඩුපාඩු රැසක් හේතුවෙනි.

    සංචාරකයින්ගේ වාහන නැවැත්වීමට රථ ගාල් නිසි ලෙස නොමැති වීමෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබේ.

    අවන්හල් ඉදිරිපිට වාහන නැවැත්වීමට මින් පෙර සංචාරකයින්ට අවස්ථාව හිමිවුවත් පොලිසිය එය තහනම් කළ නිසා ගැටලුව තවත් උග්‍ර වී ඇතැයි කර්මාන්තකරුවන් පෙන්වා දෙයි.

    එසේම රාත්‍රි කාලයේ ප්‍රමාණවත් ආලෝක පද්ධතියක් නොමැති වීමෙන්ද සංචාරකයින් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

    මේ අතර පොළොන්නරුවේ පුරාවිද්‍යා නටඹුන් සහ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ප්‍රවේශපත් සඳහා අයකරන ගාස්තු ද පසුගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකටත් වඩා ඉහළ නංවා ඇතැයි සංචාරක මඟපෙන්වන්නන් පවසයි.

    2025 වසරේ සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වාගැනීමේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් කඩිනමින් මෙම ගැටලු විසඳීමට බලධාරීන් පියවර ගත යුතු නොවේද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 20250111 Views

    කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගැල් ගම්මානය වෙත මෝටර් රථයකින් අනවසරෙන් ඇතුළුව සිටි පුද්ගලයෙකු. ගුවන් හමුදාව…

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.