Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇති වූ විරෝධයට මාලිමා මන්ත්‍රී දුන් පිළිතුර
    Featured

    ඇති වූ විරෝධයට මාලිමා මන්ත්‍රී දුන් පිළිතුර

    By LFNDecember 31, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලකට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට එල්ලවූ චෝදනාව සම්බන්ධව ඔහු අදහස් ප්‍රකාශ කර තිබේ.

    එහිදී ඔහු පැවසුවේ මෙම සිද්ධිය පිටුපස ඇත්තේ පැරදුණු දේශපාලනඥයින්ගේ අතකොළු බවය.

    “ඇගලුම් ආයතනයේ සාකච්ඡාව පැයක පමණ කාලයක් සිදුවුණා. එයින් පසු මෙම ආයතනයෙන් පිටව යෑමට පැමිණෙන විට අපි දැක්කා විශාල පිරිසක් ආයතනය ඉදිරිපස ගේට්ටුව ළඟ ඉතාම කලහාකාරී ලෙස හැසිරෙනවා එතන පොලිස් නිලධාරීන් තිදෙනෙක් පැමිණ සිටියත් ඔවුන්ට මේ තත්ත්වය සමනය කරගන්න බැරිවුණා. එක් පුද්ගලයෙක් අපි සිටි වාහනයේ ෂටර් එකක් ඇරලා මට ප්‍රහාරයක් එල්ල කළා. මගේ කමිසයෙන් ඇදලා එළියට ගන්න හැදුවා. එතන ප්‍රවාහන සමාගමේ ප්‍රවාහනය ලබාදීම පිළිබඳව ගමේ අයගෙන් විශාල පැමිණිලි රැසක් ලැබිලා තිබුණා. මෙතනදී ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා එයට නිවැරදි විසඳුම් ලැබිලා එළියට එන විට මේ පිරිස කලහාකාරී ලෙස අපිට පහර එල්ල කළේ. මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්චේදයේ පැරදුණ දේශපාලකයින්ගේ අතකොළු විදිහට විශාල මුදලක් සමග, ඒ කප්පම් මුදලත්, කොමිස් මුදලත් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා ඒ පිරිස තමයි අපිට එරෙහිව ඉදිරියට පැමිණියේ.”

    ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාට බිංගිරියේදී ජනතාවගෙන් ඊයේ (30) විරෝධයක් එල්ල වුණි.

    ඒ එහි කම්හලක සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධ මෙතෙක් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් වෙනස්කිරීමට දැරූ උත්සාහයක් හේතුවෙනි.

    ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා සමඟ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා ඊයේ කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලකට පැමිණ තිබුණි.

    එහි සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් කම්හල අවට සිටින පිරිස් එක්ව සපයන අතර මන්ත්‍රීවරයා එම ප්‍රවාහන සේවාව ලබාදීමට හැකි වෙනත් පාර්ශ්වයක් පිළිබඳ එහිදී යෝජනා කර තිබේ.

    එහිදී කම්හල් සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන පිරිසකගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.