පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියකු පේමඩුව බස් නැවතුම්පළේ වහලය මත නැඟ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පොහොර සහනාධාරය ජනතාවට නිසියාකාරව මෙතෙක් ලැබී නොමැති බව ද විරෝධතාවයේ නියැලෙන ගොවි මහතා පවසයි.
මෙම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් විරෝධතාවය අත්නොහරින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.