Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි
    Featured

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි

    By LFNDecember 30, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

    දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් මෙම ධුරයට පත්විය.

    ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව වෙනුවෙන් 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

    ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදීය.

    එම මානුෂීය මෙහෙයුමේදී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු කටයුතු කළේය.

    අනතුරුව 2019 වසරේ අගෝස්තු 19 යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඔහු 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළේය.

    ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත් වූ හෙතෙම ජනාධිපතිවරු සිව් දෙනෙකු යටතේ කටයුතු කර තිබේ.

    එනම් හිටපු ජනධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යටතේ මෙන්ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.