පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක පලංචියකට විදුලි සැර වැඳීමෙන් ඒ මත සිටි සිවු දෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.
කෙසේ නමුත් ඉන් එක් අයෙකුගේ දිවි බේරී ඇති අතර, තිදෙනෙකු මෙලෙම මරණයට පත්ව ඇත.
මියගිය අයගේ සිරුරු මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.