Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියන්මාර සරණාගතයින්ගේ ගැටලු ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
    Featured

    මියන්මාර සරණාගතයින්ගේ ගැටලු ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි

    By LFNDecember 29, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

    මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.

    එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් පිරිස මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

    මෙම සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරට ගොස් තිබුණි.

    කෙසේවෙතත් අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

    කිසිදු තැනැත්තෙකුට එම සරණාගතයින් හමුවීමට අවසර ලබානොදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරිය නියෝග කර ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ආගමන විගමන පාලක ජනරාල්වරියගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණි.

    එහෙත් අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා බවය.

    අදාළ දැනුම් දීම ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු විසින් වාචිකව සිදුකර ඇති අතර ආගමන විගමන පාලක ජනරාල්වරිය විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සන්නිවේදනය කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙයි.

    අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැවරී ඇති බව සඳහන්ය.

    අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ළදරුවන් බව වාර්තාවන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ වගකීමක් බව ඔවුන් පෙන්වාදෙයි.

    එම නිසා අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026

    දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – රියදුරු අත්අඩංගුවට

    May 3, 2026010 Views

    හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල…

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026

    නීති­වි­රෝධි වැඩ කරන භික්ෂුන්ට දඬු­වම් දෙන්න සංඝා­ධි­ක­ර­ණ­යක් ඕනෑ – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.