Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්
    Featured

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්

    By LFNDecember 29, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ.

    එම පෙරහැර අද (29) රාත්‍රී 09.00 සිට පසුදා අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

    පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමෙන් පසු කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

    එබැවින් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ඉල්ලා සිටී.

    කොළඹ දෙස සිට අවිස්සාවේල්ල, රත්නපුර සහ හැටන් දෙසට ගමන් කරන වාහන සඳහා කොස්ගම කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12 ක් ගමන් කළ පසු හමුවන තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර – අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කිරීමෙන් පසු හමුවන පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.

    අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රන්වල පහන අසලින් දකුණට ඇති ඇස්වත්ත කිරිඳිවෙල මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් පසු වමට ඇති කිරිඳිවෙල කොළඹ මාර්ගයට පිවිසිය හැකි බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.