Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුඳුවලින් රටට හොඳ කලක්
    Featured

    කුරුඳුවලින් රටට හොඳ කලක්

    By LFNDecember 28, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

    ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.

    කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි.

    එම ආදායම දෙගුණයක් කිරීම සඳහා සැලසුම් සකස්කර ඇති හෙතෙම පැවසීය‍.

    ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර හම්බන්තොට ප්‍රදේශවලට අමතරව කුරුණෑගල, පුත්තලම හා මහවැලි කලාප වැනි ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් සකසා ඇත.

    මේ අතර ජනක ලින්දර මහතා පවසා සිටියේ, චීනය සමග මේ වනවිට කුරුඳු අපනයනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි මස සිට චීනයට ද කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිවන බව ඔහු පැවසීය.

    මීට අමතරව යුරෝපා සංගමය ඇතුළු රටවලටද කුරුඳු අපනයනය වැඩිකිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    කෙසේ නමුත් මෙරට කුරුඳු කර්මාන්තයෙන් වැඩි වශයෙන් අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය ලෙසින් වන අතර, එය අගය වැඩිකළ නිෂ්පාදන ලෙසින් අපනයනය කිරීමට හැකිනම් විදේශ විනිමය දෙගුණ කරගැනීමට පහසුවෙන්ම හැකියාව ඇත.

    මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයින්ව අගය වැඩිකළ නිෂ්පාදන සඳහා පෙළඹවීමට ආධාර උපකාර කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.