Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රු කෝ 160 වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්
    Featured

    රු කෝ 160 වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

    By LFNDecember 28, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.‍

    ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනයක් මඟින් ව්‍යාපාරවල ලභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

    විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එහි අධ්‍යක්ෂවරයා බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මඟින් 2021 වසරේදී ඉන්දියාවට පළා ගොස් ඇති බවය.

    අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කළ අතර එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරු සිය පවුලද සමග ඉන්දියාවේ වේදනායගම් ප්‍රදේශයට ගොඩබැසීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    අනතුරුව ඔවුන් වසර තුනක පමණ කාලයක් එරට රැඳවුම් භාරයේ සිට ඇති අතර පසුගිය (26) මෙරටට පිටුවහල් කර තිබේ.

    පළමුව අදාළ ආයතනයේ හිමිකරු හා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දිවයිනට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙරටට පැමිණීමට නොහැකි බව පවසමින් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් සැකකාර කාන්තාව වෙනත් ගුවන් යානයකින් මෙරටට එවා තිබේ.

    ඒ අනුව ඇයද ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුනු අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත භාර කෙරුණි.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අදාළ මූල්‍ය ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි කර නොමැති බවය.

    සමන්තුරේ, කල්මුණේ සහ අම්පාර ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කර මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකළ බවද, ව්‍යාපාරය පාඩු ලැබීම හේතුවෙන් ලාභාංශ ගෙවීම මඟහැර දිවයිනෙන් පළා ගිය බවද සැකකරුවන් පවසා තිබේ.

    සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන්ගේ 14 හැවිරදි දරුවා තාවකාලික පරිවාසයට යටත්ව මිත්තණිය වෙත මුදාහරිනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.