Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජ්ජම්මන පිහිටා ඇති සුදු ගඟ හරහා ගමන් කරන පාලමේ ආරක්ෂක වැට කැඩියයි.
    Featured

    රජ්ජම්මන පිහිටා ඇති සුදු ගඟ හරහා ගමන් කරන පාලමේ ආරක්ෂක වැට කැඩියයි.

    By LFNDecember 27, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රජ්ජම්මන ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටා ඇති සුදු ගඟ හරහා ගමන් කරන පාලමෙහි ආරක්‍ෂක වැට කලක පටන් කැඩී විනාශවී ගොස් ඇති බවත් මෙම ගැටළුව පිළිබඳව ගම්වාසීන් විසින් අදාල බලධාරීන් දැනුවත් කළ ද බලධාරින් මෙම පාලමේ ආරක්‍ෂක වැට පිළිසකර කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට වාර්තාවේ.

    ඒ අනුව මෙම පාලමෙන් දිනකට පුද්ගලයින් 500 – 600ක් පමණ පිරිසක් ගමන් ගන්නා අතර, වාහන ගමන් කිරීමේදී ධාවන පථයෙන් ඉවත් වුවහොත් ආරක්‍ෂිත වැටක් නොමැතිකම හේතුවෙන් වාහන ගඟට පෙරලීයාමේ අවධානමක් පවතින බවත්. තවද මෙම පාලම ආසන්නයේ පිහිටා ඇති පුද්ගලික විදුලි බලාගාරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන් විසින්ද මෙම පාලම මත සිට ඡායාරූප ලබාගැනීමද සිදුකරනු ලබන බවත් උකුවෙල ජල විදුලි බලාගාරයේ සිට සෑම දිනකම එක්වර විශාල ජල ප්‍රමාණයක් මුදාහැරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී මෙම ස්ථානයේ ජල මට්ටම විශාල වශයෙන් ඉහල යාමක් සිදුවන බවටද වාර්තාවේ.

    තවද මෙම කරුණු මත මෙම පාලමේ ආරක්‍ෂක වැට නොමැතිකම හේතුවෙන් දැඩි අවධානම් තත්වයක් පැනනැගී ඇති අතර, ඉදිරියේදී ජීවිත හානි හා දේපළ හානි සිදුවීමේ ඉඩකඩක් පවතින බවත් මේ සම්බන්ධව අදාල බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වන තෙක් මෙම ආරක්‍ෂක වැට සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් ලබානොදිම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සොයා බලා විසදුමක්ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාලා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවට අනාවරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.