Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්
    Featured

    ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්

    By LFNDecember 27, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී ය.

    මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණි.

    එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සමග පසුපස අසුනේ සිටි තිදෙනෙකු හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කෙරුණි.

    එම අනතුරෙන් මියගොස් තිබුණේ ත්‍රීරෝද රථයේ ගමන් කර තුවාල ලැබූ එක් පුද්ගලයෙකි.

    මරණකරු වයස අවුරුදු 60 ක් වූ දොඩවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘතශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.